වැලිගම මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මාතරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි අයෙක් වන අතර, ඔහු සමඟ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලීසිය සඳහන් කළේ, මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත්, සිද්ධියට තවත් පුද්ගලයින් සම්බන්ධ වී ඇත්නම් ඔවුන්ද කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවයි.