දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් එම රථය පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
ඒ අනුව එම අනතුරෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොලපැලැස්ස ප්රදේශයේ 175 වන කිලෝමීටර් කණුව අසලදී මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක ටයරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.