තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා සඳහන් කර ඇත්තේ, තම රට කොන්දේසි විරහිතව සටන් විරාමයක් ඉල්ලා සිටි බවන බවත්, යුද ගැටුම්වලට සාමකාමී විසඳුමක් අවශ්‍ය බවත්ය.
නමුත් තායිලන්තය මේ දක්වා සටන් විරාම යෝජනාවට ප්‍රතිචාර දක්වා නොමැත.
ඔවුන් මේ වනවිටත් කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත්කර ඇත.
මෙම යුද ගැටුම් හේතුවෙන් දෙරටේම පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වී සිටියි.