රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර පත් කෙරේ

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර පත්කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ හර්ෂණ සූරියප්පෙරුම සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවල පුරප්පාඩු සිදුවී තිබූ බවයි සඳහන් වෙන්නේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් මේ බව පාර්ලිමේන්තුවට නිවේදනය කර සිටියා.