සියලු පළාත් ලේකම්වරුන් අද කොළඹට කැඳවයි

දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන් අද කොළඹට කැඳවා ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර පවසනවා.

පසුගිය මාස හය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා සියලු පළාත් ලේකම්වරුන් මෙලෙස කොළඹට කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම, පළාත් සභාවල ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතයි