රුපියල් කෝටි 40 ක මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතිකයෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතිකයෙකු අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ‘හෂීෂ්’ කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 196ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 298ක් තිබී සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 40 ක් පමණ වන බවයි සඳහන් වෙන්නේ.

52 හැවිරිදි කැනඩා ජාතිකයෙකු වන සැකකරු මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් රැගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ, එතැන් සිට කටුනායක වෙත පැමිණ ඇති බවයි පැවසෙන්නේ.