පාර්ලිමේන්තුව අද (25) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙරවරු 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අභාවප්රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර ඇති අතර, අභාවප්රාප්ත හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරු වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී. ඒකනායක, ලකී ජයවර්ධන සහ මාලනී ෆොන්සේකා යන අය වෙනුවෙන් මෙලෙස ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.








