පසුගිය පෙබරවාරී 09 වැනිදා දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටීම සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.
ඒ අනුව, විදුලිබල මණ්ඩලය සිදුකළ විශේෂ පරීක්ෂණ වාර්තාව මත පදනම්ව එම සාක්ෂි කැඳවීම සිදු කරන බවයි එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අපේක්ෂා කරන අයට 0772-943193 යන දුරකථන අංකය අමතා වේලාවක් වෙන් කරගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.