පාර්ලිමේන්තුව අද රැස්වේ

පාර්ලිමේන්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (22) රැස්වීමට නියමිතයි.

ඒ අනුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත, සේවකයන්ගේ අයවැය සහන දීමනාව සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.

පස්වරු 5.00 සිට පස්වරු 6.00 දක්වා විපක්ෂය ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි