සීදූව ප්‍රදේශයේ වෙඩිතැබීමක්

සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.