වසරේ ගතවූ කාලයට අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්

මේ වසරේ ගතවූ කාලය තුල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 2138 ක් ලැබී තිබෙනවා.

මේ අතර වැටලීම් 44 ක් සිදු කර ඇති අතර එහිදි සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස් අතර විදුහල්පතිවරුන්, පොලිස් නිලධාරින්, කම්කරු නිලධාරින් සහ වෙනත් බලයලත් නිලධාරින් ද වනවා.