පාස්කු ප්‍රහාරය සම්බන්ධව චෝදනා ලැබ සිටි හිටපු බුද්ධි අංශ අධ්‍යක්​ෂ නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපා හරියි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.