වියට්නාමයේ සූකර උණ ව්‍යාප්තිය ඉහළට

වියට්නාමයේ අප්‍රිකානු සූකර උණ සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.

රට පුරා පළාත් 34 න් 28 ක මේ වනවිට වෛරසය ව්‍යාප්තව ඇති අතර, ආසාදිත ඌරන් 30,000 කට වැඩි ප්‍රමාණයක් ඉවත් කර ඇති බවයි, බව එරට රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය අග්නිදිග ආසියානු රටවල ආහාර සැපයුමට බාධාවක් වනු ඇති බවට ද එරට රජය අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.