අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් එරට බලධාරීන් හා ශ්‍රී ලංකා නියෝජිත පිරිස අතර තවත් සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, Zoom ඔස්සේ අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.
අද පැවැත්වෙන සාකච්ඡා සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් යුතු මෙරට නියෝජිත පිරිසක් සහභාගි වන අතර, මෙම සාකච්ඡාව අමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සම්බන්ධීකරණය කරන බවයි ඔහු පවසා සිටියේ.
අගෝස්තු පළමුවැනිදාට පෙර අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා සාර්ථක කර ගැනීම රජයේ අපේක්ෂාව බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.