මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත, කටාන – දෙමන්හංදිය ප්රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී ගිනි අවි හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 51 සහ 58 වන, කටියල ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එක් සැකකරුවෙකු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, T-56 පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ටී-කටස් වර්ගයේ ගිනි අවියක්, රිවෝල්වර් ගිනි අවි සෑදීමට භාවිතා කළ හැකි ආකෘතියක් සහ ගිනි අවි සෑදීමට යොදා ගන්නා ලද උපකරණ කිහිපයක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම අනෙක් සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර, මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා කටාන පොලිස් ස්ථානය විසින් සිදු කරන බවයි සඳහන් වන්නේ.