ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට ඇප ලබාදීමට නියෝග

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩුව අද (15) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.