භාතිය හස්තියා අවසන් සුසුම් හෙළයි

වෙඩි වැදී පීඩා විඳිමින් සිටි භාතිය හස්තිරාජයා අද උදෑසන සි​ය අවසන් සුසුම් හෙළා තිබෙන බව වාර්තා වෙනවා.

අද (15) පෙරවරුවේ හස්තියා මියගිය බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් සඳහන් කළේ.

දින 8 කට වැඩි කාලයක් හස්තියාට ප්‍රතිකාර කටයුතු සිදු කරමින් සිටියදී මෙලෙස මියගොස් තිබෙනවා.