ඩිජිටල් ක්‍රමයට දඩ ගෙවීමේ ක්‍රමවේදය සැප්තැම්බර් මාසයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ

ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමවේදය දිවයින පුරා ව්‍යාප්ත කිරීම ජූලි මාසයේ සිට ආරම්භ කරන බව ICTA හි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ පවසනවා.

ඒ අනුව, පළමු අදියර ය‍ටතේ බස්නාහිර සහ දකුණු පළාත්වල පොලිස් ස්ථාන සම්බන්ධ කර ගනිමින් මෙය ආරම්භ කරන බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඉන් අනතුරුව, සැප්තැම්බර් මාසය වන විට දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

දඹුල්ල සිට අනුරාධපුර දක්වා තිබෙන පොලිස් ස්ථාන 11ක් සම්බන්ධ කර ගනිමින් සිදුකළ මෙහි නියමු ව්‍යාපෘතිය තුළදී 400කට වැඩි ඩිජිටල් ස්ථානීය දඩ ගෙවා ඇති බවත්, ලක්ෂ 07කට වැඩි දඩ මුදල් ප්‍රමාණයක් ඒ හරහා ලැබී ඇති බවයි හර්ෂ පුරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.