ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීදි ළමයින් සඳහා දීමනාවක් ලබාදීමේ වැඩසටහන හෙට (15) සිට ආරම්භ කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසනවා.
ඒ අනුව, එම දරුවන් සඳහා මාසිකව රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරිය සඳහන් කළේ.
ලංකාව පුරාම ළමා සංවර්ධන මධ්‍යස්ථාන 306 ක ජීවත් වන ළමුන් 9,191ක් මෙයින් ප්‍රතිලාහීන් බවට පත්වන බවද, ඒ ළමුන් සඳහා ලබාදෙන ප්‍රතිලාභයෙන් රුපියල් 3,000ක් ළමයින්ගේ භාරකාරත්වය දරන ආයතනවල භාරකාරීත්වයට පැවරෙන බවද ඇය ප්‍රකාශ කළා.
තවත් රුපියල් 2000ක් ‘අර්ථ’ යන ගිණුමක තැන්පත් වන බවත්, අවුරුදු 18 ක් සම්පූර්ණවීමෙන් අනතුරුව, ඉතිරි කරන ලද එම රුපියල් 2000 මුදල ප්‍රයෝජනවත් වන බවත් අමාත්‍යවරිය පවසා සිටියා.
මෙම ප්රතිලාභ සඳහා මිලියන දහසක මුදලක් අයවැයෙන් වෙන් කර ඇති බවයි ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.