“අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුවත් කිරීමේ සතියට සමගාමීව පවත්වන බව මහ බැංකුව සඳහන් කරනවා.
මෙම සතිය අද (14) සිට ජූලි 18 දක්වා පැවැත්වීමට නියමිතයි.
මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමීව තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව හා ඒවා මගින් තනි පුද්ගලයන්ට මෙන්ම සමස්ත ආර්ථිකයට සිදුවන සැළකිය යුතු අවදානම් පිළිබඳව ද මෙහිදී දැනුවත් කිරීමට නියමිතයි.
තහනම් පිරමීඩ යෝජනා ක්‍රමවලට අදාළ නීතිමය ප්‍රතිපාදන, එවැනි ව්‍යාපාරවල ආකෘතියේ පවතින වංචනික ස්වභාවය හා ව්‍යුහය, පිරමීඩ යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමේ අවදානම් හා මූල්‍යමය ප්‍රතිවිපාක සහ වින්දිතයන්ගේ සත්‍ය ජීවන පුවත් හා වේදනාකාරී අත්දැකීම් යනාදිය පිළිබඳව මේ සතිය පුරාම සහභාගිවන්නන් දැනුවත් කිරීම සිදුකෙරෙන බවයි සඳහන් වන්නේ.