සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් භාර ගැනීම අද සිට

2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් භාරගැනීම අද (14)  සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද (14) සිට 28 වැනිදා දක්වා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ඇත.

2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණි.

විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.

මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටී.