තෙත වී මිලදී ගැනීම සඳහා රජය අතරමැදියන් හරහා නව වැඩපිළිවෙලක් සකස් කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
දිස්ත්‍රික්ක රැසක යල කන්නයේ වී අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 600 ක මුදලක් වෙන් කර ඇති අතර, 2024 – 2025 මාස් කන්නයේදී කළ මිල නියාමනයට අනුව මෙවරත් වී මිල දී ගැනීමට නියමිතයි.
ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125 ටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 ටත් මිල දී ගැනීමට සැලසුම් කර තිබෙනවා.