ඉදිරි දකුණු පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වී සිටින භාතිය හස්තියාට ප්‍රථිකාර කිරීම ඊයෙත් සිදුවුණා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අශෝක දංගොල්ල ප්‍රකාශ කළේ, ස්නායු පද්ධතියට හානිවීම සහ මාංශ පේශීන් දියවීම හේතුවෙන් හස්තියාගේ ජීවිතය බේරාගැනීම අපහසු බවයි.
පසුගිය වසරේදි පමණක් අලි ඇතුන් 300කට අධික සංඛ්‍යාවක් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් ඇති අතර වන අලි පහර දීම් හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 150කට අධිකයි.
එවැනි පසුබිමක කලා වැව තම නිජබිම කරගත්, වයස අවුරුදු 20ක් පමණ වන වෙඩි වැදුණු “යස” නමැති දළ ඇතා සොයා වනජීවි නිලධාරීන් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණේ මීට දින කිහිපයකට පෙර සිදු කළ නිරීක්ෂණයකට අනුවයි.
ඒ අනුව පණ්ඩුලගම වනජීවී නිලධාරීන් විසින් අදාළ ඇතා සැරිසරන ප්‍රදේශය ඊයේ පැහැදිලිව නිශ්චය කරගෙන තිබූ අතර කලාවැව රක්ෂිතය තුළ ඇතා නිර්වින්දනය කර ප්‍රථිකාර කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණා.