පවතින තත්ත්වය යටතේ නීති විරෝධී ලෙස ආනයනය කරන ලද වාහන සඳහා රජයේ සහනයක් නොලැබුණහොත් නැවත අපනයනය කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
රජය මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට කටයුතු කරමින් සිටින බව රේගුව සඳහන් කළ අතර, ඒ පිළිබඳ අවසන් තීරණයක් ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව ද රේගු නිලධාරීහු සඳහන් කරනවා.
භාවිතා කළ වාහන ආනයනය කිරීමේදී අදාළ රටේ බැංකුවෙන් ලබාගත් ලියාපදිංචිය අවලංගු කිරීමේ මුද්දර සහිත සහතිකයක් අනිවාර්ය බවයි රේගුව සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ මේ වනවිට, මෙම අවශ්‍ය සහතිකය නොමැතිව මෙරටට ගෙන එන ලද වාහන 300කට අධික ප්‍රමාණයක් රඳවාගෙන ඇති අතර, ඒවා දේශීය වෙළඳපොළට මුදා හැරිය නොහැකි තත්ත්වයක පවතින බවයි.