ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න විසින් ශල්‍යකර්ම සිදු කිරීමෙන් පසු අගතියට පත්වූ පුද්ගලයින් 100 දෙනෙකුගෙන් පමණ මේ වනවිට පැමිණිලි ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
ඇය විසින් ස්නායු ශල්‍යකර්ම සිදු කිරීමේදී, ඊට අවශ්‍ය ශල්‍ය උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීමෙන් රෝගීන්ට අලාභ සිදුකිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේ මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වෙනවා.
අගතියට පත්වූ පුද්ගලයින්ගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති බවත්, එලෙස අගතියට පත්වු පුද්ගලයින් ගැන හෝ එම අක්‍රමිකතා ගැන තොරතුරු ඇත්නම් ක්ෂණික ඇමතුම් අංක 1954 ට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට දැනුම් දෙන ලෙසයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙන්නේ.
වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු තිදෙනෙකු පසුගිය මස 17 වැනිදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් අතර, සැකකාර වෛද්‍යවරිය ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කරනු ලැබුවා.