2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවැත්වුණා.
මෙහිදී නව ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ ඉලක්ක සහ අරමුණු, ප්‍රතිසංස්කරණ සඳහා වූ මාර්ගෝපදේශන මූලධර්ම, නව ප්‍රතිසංස්කරණවලට අනුව අධ්‍යාපනයේ ප්‍රධාන කුලුනු, විෂය මාලා ප්‍රතිසංස්කරණය, ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන සහ ගුරු පුහුණුව යන මූලික කාරණා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම මගින් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන ආකාරය සහ අධීක්ෂණය වන ආකාරය සම්බන්ධව මෙහිදී පැහැදිලි කිරීම් සිදු කර තිබෙනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මූලිකව පැහැදිලි කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එම ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔවුන්ගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලද අතර, එහිදී විශේෂ අවශ්‍යතා සහ ආබාධ සහිත දරුවන් සඳහා ද මෙම අධ්‍යාපන පරිවර්තනය ඇති කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාවය පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.