ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

තිරප්පනයේ නගර ආසන්න නිවසකට ඊයේ (10) අළුයම් කාලයේ ඇතුලු වූ පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම නිවෙස් හිමියාට පොල්ලකින් පහර දී නිවසේ තිබූ රන් භාණ්ඩ රැසක් හා මුදල් තොගයක් කොල්ලකා පලා ගොස් තිබේ.

කොල්ලකරුවන් එම නිවසෙන් කොල්ල කා ඇති දේපල අතර, රත්‍රං මාල දෙකක්, අත් පළඳනාවක්, පෙන්ඩනයක් 01, මුද්දක් සහ මුදල් ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ, සිදුකළ විමර්ශනවලදී කොල්ලකරුවන් එම නිවසෙන් කොල්ල කා පලා ගොස් තිබූ දේපලවල වටිනාකම රුපියල් ලක්ෂ 12ක් පමණ වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා කරන ලද පැමිණිල්ලකට අනුව තිරප්පනය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.