ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,500 ඉක්මවයි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට, කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (11) ඒකක 18,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව, අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77 ක වර්ධනයක් සනිටුහන් කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 18,541.26 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම, රුපියල් බිලියන 10.22 ක පිරිවැටුමක්ද අද දිනය තුළ වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.