අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින්, අයථා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ලබන 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (11) නියෝග කර තිබෙනවා.
ඒ අනුව, මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී, ඇප මත මුදා හැර සිටින විත්තිකාර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අධිකරණය හමුවේ පෙනී සිටි බවයි සඳහන් වන්නේ.
නමුත් නඩුව විභාග කරන විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ලබන 28 වැනිදා කැඳවන ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
2010 මාර්තු 31 සහ 2012 මාර්තු 31 අතර කාලසීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා අදාළ වරද සිදුකර ඇති බවත්, කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා රුපියල් 13,999,000 ක මුදලක් වැය කර ඇති අතර, කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා රුපියල් 71,399,000ක මුදලක් හිටපු අමාත්‍යවරයා විසින් වැයකර තිබෙන බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.