තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල, උස්ගල ප්රදේශයේ ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ගංජා හේනේ තිබී ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් රැසක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, එම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර තිබෙන බවයි සඳහන් වන්නේ.
අදාළ සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.