පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායම අද(10) පස්වන දිනටත් මහව වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයේ දැනට රෝගාතුරව සිටින භාතිය හස්තියාට ප්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබේ.
එසේම මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැමිණ හස්තියා නිරීක්ෂණය කිරීම සිදු කළේ දෙවැනි දිනටය.
තවත් ඖෂධ වර්ග කීපයක් හස්තියාට ලබා දෙන ලෙස මහාචාර්ය දංගොල්ල මහතා පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතාට දැනුම් දී ඇත.
එක් පාදයක සිලම්බු අඩිය ගැලවී ඇති නිසා එයට ප්‍රතිකාර කිරීම ද අද ආරම්භ විය. එයද සැලකිල්ලට ගෙන කැල්සියම් ප්‍රමාණයක් ලබා දීමට තීරණය කර ඇත.
තුවාල කිහිපයක් ශරීරයේ පවතින නිසා ප්‍රතිජීවක ඖෂධ දිගටම ලබා දීමටද තීරණය කෙරුණි.
මේ වන විට පැන නැගී ඇති ප්‍රධාන ගැටලුව හස්තියා එකම ඇලයකට නිදා සිටීමය. හස්තියා අනෙක් ඇලයට මාරු කිරීම සඳහා කඩිනමින් පියවර ගත යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ සඳහා ක්‍රමවේද කිහිපයක් පිළිබඳව මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවති.
දහවල් කාලයේ හස්තියා බැලීමට විවිධ පිරිස් පැමිණිම හස්තියාගේ නින්දට බාධාවක් විය හැකි බවද මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි. ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඔහු ඉල්ලා සිටියි.
හස්තියාගේ ප්‍රතිකාර කටයුතු ඉදිරියේදීත් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.