ඇසළ පොහොය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 8,355 ක්

ඇසළ පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355 ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ලබා දී ඇති උපදෙස් අනුව සෞඛ්‍යාරක්ෂිතව එම දන්සල් පවත්වන ලෙසට අදාළ සංවිධායකයින් වෙත දැනුම් දී ඇති බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ.

දන්සල් පරීක්ෂාව අද (10) දිනය පුරා සිදු කෙරෙන අතර, මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.