පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන්, සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, ජල මූලාශ්‍රයන් හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහල බසිමින් පවතින අතර, උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනයද ඉතා ඉහල මට්ටමක පවතින බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

ජල සැපයුම සීමාසහිත වන බවත්, එය අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතු වලට සමසේ බෙදාහැරීය යුතු බවත් දැනුම් දී තිබෙනවා.

එම නිසා, වාහන සේදීම, ගෙවතු වගාව ඇතුලු අත්‍යවශ්‍ය නොවන කටයුතු වලට ජලය භාවිතා කිරීම අවම කොට, අත්‍යවශ්‍ය දෛනික කටයුතු වලට පමණක් ජලය භාවිතා කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.