තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල ප්රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා හේන් 07 ක් වටලා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තණමල්විල, බලහරුව සහ උස්ගල යන ප්රදේශවල මෙම ගංජා හේන් වගා කර තිබී ඇති අතර, එහිදී ගංජා ගස් 60,000 ක් පමණ සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 80කට අධික වන අතර, සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර තිබෙන බව පොලීසිය පවසනවා.
පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පස්සර, තිස්සමහාරාමය සහ බලහරුව යන ප්රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.