වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව පැවැත්වීමට තීරණයක්

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය, ගුවන් සේවා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

වාහනවල පවතින විවිධ දෝෂ රිය අනතුරුවලට එක් හේතුවක් බවයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ.

දැනට මෙරට ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලක්ෂ 80 ක් වන අතර, ඉන් ලක්ෂ 40 ක් යතුරුපැදි වන බවද, ලක්ෂ 13 ක් ත්‍රිරෝද රථ වන බවද සඳහන්.

දිස්ත්‍රික් මට්ටමින් වාහනවල තත්ත්ව පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන් 20 ක් අලුතින් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.