වෛද්‍ය මහේෂි විජේරත්න ජුලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව, ඇය ජූලි 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම, එම නඩුවේ අනෙක් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.