මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්මුණේ පොලිස් වසමේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (07) ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
2007 හා 2008 වර්ෂවල නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදුකළ මනුෂ්‍ය ඝාතන, පුද්ගල පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, ගිනි අවි පරිහරණය කිරීම්, වධකාගාර පවත්වාගෙන යාම් සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදු කරන විමර්ශනයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු කනක්කාඩු පාර, අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් වනවා.
පැය 72ක රැඳවුම් නියෝග මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මඟින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.