ගල්කිස්ස – කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (07) සිට දෛනිකව ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.
මෙතෙක් මෙම දුම්රිය සති අන්තයේ පමණක් ධාවනය වූ බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ.
ඒ අනුව, සෑම දිනකම පෙරවරු 05.15ට ගල්කිස්සෙන් ගමන් ආරම්භ කරන දුම්රිය දහවල් 12.13ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතයි.
එසේම, කන්කසන්තුරයෙන් පස්වරු 01.50ට ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 08.58ට ගල්කිස්සට ළඟා වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ඊට සමගාමීව, දිනපතා කොළඹ කොටුවෙන් පෙරවරු 05.45ට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ යාල්දේවි දුම්රියේ පිටත්වන වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර, අද සිට යාල්දේවි දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.