යුරෝෆෝමියුලා ඕපන් 2025: යෙවාන් ඩේවිඩ් දෙවන ස්ථානයේ

ශ්‍රී ලංකාවේ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් යුරෝෆෝමියුලා ඕපන් 2025 රියදුරන්ගේ ශූරතාවලියේ (Drivers’ Championship of the Euroformula Open 2025) දෙවන ස්ථානයට පත්ව සිටින බව වාර්තා වෙනවා.

ඔහු තම මොටෝපාර්ක් (Motopark) කණ්ඩායමේ සගයා වන දකුණු කොරියාවේ මයිකල් ෂින්ට වඩා ලකුණු හතරකින් පමණක් පසුපසින් සිටියි.

ඩේවිඩ් මේ වන විට ලකුණු 194ක් ලබාගෙන තිබෙනවා.

මෙම තත්ත්වය හංගේරියාවේ හංගාරෝරින් (Hungaroring) පරිපථයේදී යුරෝෆෝමියුලා ඕපන් හතරවන වටය අවසන් වීමෙන් පසුවයි වාර්තා වී ඇත්තේ.

හංගේරියාවේදී ඩේවිඩ්ගේ ඉහළම දක්ෂතාවය වූයේ අද (6) පැවති දෙවන තරඟයේදී තෙවන ස්ථානය දිනා ගැනීමයි.

ඔහු පළමු තරඟයේදී අටවන ස්ථානයටත්, තෙවන තරඟයේදී සිව්වන ස්ථානයටත් පත්විය.

යෙවාන් ඩේවිඩ් ජූලි 19 සිට 20 දක්වා ප්‍රංශයේ සර්කිට් පෝල් රිකාඩ් (Circuit Paul Ricard) හිදී පැවැත්වෙන යුරෝෆෝමියුලා ඕපන් හි පස්වන වටයට නැවත තරඟ කිරීමට නියමිතයි.