ජපානයේ දූපතක භූ කම්පනයක්

ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක රික්ටර් පරිමාණ 5.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පන තත්ත්වයක් හට ගෙන ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කරයි.

එහි කේන්ද්‍රව කිලෝමීටර් 19ක් පමණ ගැඹුරු මුහුද යට හටගෙන තිබෙන බව සඳහන් වේ.

මෙම භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණි.

එම දූපතේ පදිංචිකරුවන් මේ වනවිට ඉවත් කර ඇති බව ද සඳහන් කර තිබේ.