රාගම බටුවත්තේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට

රාගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේ ඊයේ (3) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙයි.

ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 45ක් වන බටුවත්ත ප්‍රදේශයේම පදිංචි හිටපු යුද හමුදා සෙබලෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙයි.