ශ්‍රී ලංකාව අතින් සිදුවූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන සමාලෝචනයේදී අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව, විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 වසරේදී ශ්‍රී ලංකාව විසින් සිදුකර ඇති විස්තීර්ණ විධිවිධානවලට අනුකූල නොවන මිලදී ගැනීම් සහ VIII වගන්තියේ 05 වන උප වගන්තිය යටතේ සිදු වූ බැඳීම් කඩකිරීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි එහි නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා සඳහන් කර ඇත්තේ.
විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ පළමු, දෙවන සහ තෙවන සමාලෝචනවල දී හිඟ වියදම් පිළිබඳව බලධාරීන් විසින් ලබා දෙන ලද නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස අනුකූල නොවන මිලදී ගැනීම් සිදුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නිරවද්‍ය නොවන තොරතුරු ලබාදීම චේතනාන්විතව සිදු වී නොමැති බවත්, එක් එක් අමාත්‍යාංශ විසින් මුදල් අමාත්‍යාංශයට හිඟ මුදල් කාලෝචිත ලෙස වාර්තා කිරීමේ දුර්වලතා මෙන්ම තාක්ෂණික අවබෝධතා ගිවිසුම යටතේ ‘හිඟ මුදල්’ යන්නෙහි අර්ථ දැක්වීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් වැරදි අවබෝධයකින් සිටීම මේ සඳහා හේතුවී ඇති බවයි එම අරමුදල පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කර ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ වාර්තාව සඳහා මෙතැනින් පිවිසෙන්න.