මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ‘සිසු සැරිය’ බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම බස් රථයේ සේවය කළ රියදුරුගේ සහ කොන්දොස්තරගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇති බව නිරීක්ෂණය වූ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.
මෙම බස් රථයේ ගමන් ගන්නා පාසල් දරුවන් සම්බන්ධයෙන් සලකා බලා, වෙනත් රියදුරුවරයෙක් හා කොන්දොස්තරවරයෙක් යොදා අදාළ බස් රථය ධාවනය කිරීමට පියවර ගන්නා බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.