කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු කෙරේ

කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර තිබෙනවා.

ඒ අනුව ඉකුත් ජුනි 30 වනදා කහවත්තේදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අදාළව ඔහු මෙලෙස මාරුකර යවා ඇති බවයි සඳහන් වෙන්නේ.

පොලිස් නිලධාරීන් බව පවසා දෑත්වලට මාංචු දමා තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කහවත්ත ඇන්දාන ප්‍රදේශයේදී තරුණයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර තිබුණා.