කොරියානු E-8 රැකියා සඳහා අවබෝධතා ගිවිසුමක්

කොරියානු ජනරජයේ කෘෂි කර්මාන්ත සහ ධීවර කටයුතු සඳහා සෘතුමය ශ්‍රමිකයින් යෙදවීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (ඍතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2025 පෙබරවාරි 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

අවබෝධතා ගිවිසුම ඇති කර ගැනීම සඳහා කොරියා ජනරජයේ පළාත් පාලන ආයතන සමඟ රාජ්‍යතාන්ත්‍රිකව සාකච්ඡා පවත්වා ඇති අතර, කොරියා ජනරජයේ යොන්ග්වෝල් පළාත් පාලන ආයතනය සමග සාකච්ඡාවලින් පසු දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට යෝජනා වී ඇති බවයි සඳහන් වෙන්නේ.

යෝජිත අවබෝධතා ගිවිසුම මඟින්, ශ්‍රී ලාංකිකයින්ට සෘතුමය ශ්‍රමික වැඩසටහන යටතේ මාස 05-08 දක්වා කෙටි කාලයකට යොන්ග්වෝල් පළාතේ කෘෂිකාර්මික හා ධීවර ගම්මාන වල සේවය කිරීමට අවස්ථාව සැලසෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

 news images