යල කන්නයේ වී මිලදී ගැනීම හෙට ආරම්භ කෙරේ‍

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03) ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

ඒ අනුව, නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත් මිලදී ගන්නා බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද සඳහන් කළේ.

අම්පාර, මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවත්, එම දිස්ත්‍රික්කවල වී අස්වනු මිලදී ගැනීම පළමු අදියරේදී ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.