ඩෙංගු මර්දන සතියේ පසුගිය දින දෙක තුළ පරිශ්‍ර 48,354ක් පරීක්ෂාවට

මේ වන විට ආරම්භ වී ඇති ජාතික මදුරු මර්දන සතිය නිමිත්තෙන් සිදුකළ විශේෂ පරීක්ෂාව අනුව ඊයේ (01) දිනය තුළ පරිශ්‍ර 22,294ක් පරීක්ෂාවට ලක් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහිදී මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 4,965ක් හඳුනාගනු ලැබූ බවත්, මදුරු කීටයන් සහිත පරිශ්‍ර 657ක් හඳුනාගත් බවත්, ඉන් 553 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇති අතර, 153 දෙනෙකුට නඩු පැවරීමට පියවර ගත් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

ඊයේ සහ අද දිනයේදී පරිශ්‍ර 48,354ක් පරීක්ෂාවට ලක් කළ බවත්, එයින් මදුරු කීටයින් බෝවිය හැකි ස්ථාන 10,591ක් හඳුනාගත් බවත්, එය සෑම ස්ථාන දහයකින්ම එකක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.