ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් වන නඩුව අද (01) කැඳවීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ධුරය දරන සමයේදී රජයට මූල්‍යමය පාඩු සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබෙනවා.