ජුනි මාසයේ විදුලි උත්පාදනයෙන් 72% ක් ලබාගත්​තේ පුනර්ජනනීය බලශක්තියෙන් – ලංවිම

පසුගිය ජුනි මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනයෙන් 72% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගත් බව එම මණ්ඩලය පවසනවා.

1990 දශකයෙන් පසු මෙම තත්ත්වය ලඟාවූ පළමු අවස්ථාව මෙය බවයි ලංවිම ප්‍රකාශක ධම්මික විමලවීර පැවසුවේ.

පසුගිය මාස කිහිපය තුළ පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනය කිරීම 70% ප්‍රමාණයට ආසන්නව පැවති බවද, මෙම මාසයේ එය 70% සීමාව ඉක්මවා ගිය බවද ඔහු සඳහන් කර තිබෙනවා.

පසුගිය මාස කිහිපය තුළ රට තුළ දක්නට ලැබුණු හිතකර කාලගුණික තත්ත්වය සහ සූර්ය, සුළං සහ කුඩා ජල විදුලි ව්‍යාපෘතිවල අඛණ්ඩ ආයෝජන සහ වැඩිදියුණු කළ ජාල ඒකාබද්ධතාවය ආදිය මෙයට හේතු වූ බවයි ධම්මික විමලවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.