විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­මක් අද

පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් අද (30) පැවැ­ත්වී­මට පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර තිබේ.

පාර්ලි­මේ­න්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකා­රව අග්‍රා­මා­ත්‍ය­ව­රි­යගේ ඉල්ලීම පරිදි අද (30) උදෑ­සන 9.30ට පාර්ලි­මේ­න්තුව කැඳ­වන බව කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා ගැසට් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් දැනුම්දී තිබේ.

රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනතේ 11 වැනි වග­න්තිය ප්‍රකා­රව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදි­නට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශ­යක් නිවේ­ද­නය කිරීමේ අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලි­මේ­න්තුව මෙලෙස රැස්වී­මට නිය­මි­තය. මීට අදා­ළව ආණ්ඩුව ගෙන එන සභාව කල්තැ­බීමේ විවා­දය අද (30) සවස 4.30 දක්වා පැවැ­ත්වී­මට නිය­මි­තය.

සභාව කල්තැ­බීමේ මෙම විවා­ද­යෙන් පසුව පාර්ලි­මේ­න්තුව නැවත ජූලි මාසයේ 8, 9 සහ 11 යන දින­වල රැස්වී­මට නිය­මිත බව පාර්ලි­මේන්තු මහ­ලේ­කම් කාර්යා­ලය සඳ­හන් කරයි.

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර, සන්ධ්‍යා කරු­ණා­රත්න